Work Desk with Notebook and Gadgets
Gradient Shape Logo Element

Sri Lanka

about.

Map Maker Illustrated Map of Sri Lanka

1)ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිලෝන් ලෙස හැඳින්වු අතර වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වයි. විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. මෙය දකුණු ආසියානු දූපතකි. එය ඉන්දියානු සාගරයේ, බෙංගාල බොක්කෙහි නිරිත දෙසින් සහ අරාබි මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇත; එය ඉන්දියානු උප මහද්වීපය මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රධාන මුහුදු මාර්ගවල පිහිටීම හේතුවෙන් බටහිර ආසියාව සහ අග්නිදිග ආසියාව අතර උපායමාර්ගික නාවික සම්බන්ධකයක් ලෙස එය පුරාණ කාලයේ සිටම භාවිතය ගැණුනි. ඉන්දියානු ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය 1976 මාර්තු 23 වන දින මනාර් බොක්ක සහ බෙංගාල බොක්කෙහි සමුද්‍ර මායිම් ස්ථාපිත කරමින් ගිවිසුමක් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවට ආසන්න ම රටවල් ලෙස ඉන්දියාව සහ මාලදිවයින හැදින්විය හැකිය.

2)ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කි.මී 65,610 (වර්ග සැතපුම් 25,330) වේ. එය ලොව 123 වැනි විශාලතම රට වන අතර විශාලතම දූපත් අතරින් 25 වන ස්ථානයෙ සිටියි. එහි භූමි ප්‍රදේශය පළාත් නවයකට සහ දිස්ත්‍රික්ක විසිහතරකට වෙන් කර ඇත.

3)රට පළාත් 9 කින්, දිස්ත්‍රික්ක 25 හා ප්‍රදේශිය ලේකම් කොට්ටාශය 331 හා ග්‍රාම නිලධාරි කොට්ටාශ 14,022 කින් සමන්විත වේ. අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ වන අතර විශාලතම නගරය කොළඹ වේ.

කොළඹ ජාතියේ ආර්ථික, දේශපාලන කේන්ද්‍රස්ථානයයි.

4)ශ්‍රී ලංකාව ලෝක උරුම ස්ථාන අටක්, සැතපුම් ගණනක් පුරා විහිදුනු රන්වන් වැලි සහිත වෙරළවල්, වැසි වනාන්තර සහ කඳුකර තේ වතු සහිත ඉතා සුන්දර දූපතකි. නිවර්තන වනාන්තර, වෙරළ සහ භූ දර්ශනවල ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය මෙන්ම පොහොසත් සංස්කෘතික උරුමයන් සඳහා ප්‍රසිද්ධය, එය ලෝක ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් බවට පත් කළේය.

5)ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 කට ආසන්න වේ. එය දූපතක ජීවත් වන 11 වන විශාලතම ජනගහනයයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70% ථෙරවාද බෞද්ධයන් වේ. එනම් මිලියන 15 ක් පමණ වේ. එය ලොව 6 හෝ 5 වන විශාලතම බෞද්ධ ජනගහයක් වෙසෙන රට වේ. ශ්‍රී ලංකාවේ ජාතික ආගම ථෙරවාද බෞද්ධ වන අතර 12% හින්දු භක්තිකයන්, 9% ඉස්ලාම් භක්තිකයන්, 7% ක්‍රිස්තියානි භක්තිකයන්, 1% නිරාගමිකයන් සහ වෙනත් ආගමිකයෝ වෙති.

6)බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික දෙමළ, ඉන්දියානු දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, කාපිරි සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි. නිල භාෂාව සිංහල භාෂාව සහ දෙමළ භාෂාව වේ.

7)ශ්‍රී ලංකාව යනු පොහොසත් සංස්කෘතික උරුමයක් ඇති රටකි ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කිරීම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි

8)කෝට්ටේ රාජධානියේ විශාල දේශපාලන අර්බුදකාරී කාල පරිච්ඡේදයක් තුළ පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණ දිවයිනේ සමුද්‍ර වෙළඳාම පාලනය කිරීමට උත්සාහ කළ අතර ශ්‍රී ලංකාවේ කොටසක් පසුව පෘතුගීසි සන්තකයක් බවට පත්විය.

9) සිංහල පෘතුගීසි යුද්ධයෙන් පසු ලන්දේසීන් සහ මහනුවර රාජධානිය එම ප්‍රදේශ පාලනය කර ගත්හ. පසුව ලන්දේසි දේපල බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කර ගත් අතර, පසුව ඔවුන් මුළු දිවයිනම තම පාලනය ව්‍යාප්ත කර, 1815 සිට 1948 දක්වා එය යටත් විජිතයක් බවට පත් කළහ.

10)ශ්‍රී ලංකාවේ වඩාත් මෑත ඉතිහාසය වසර 26 ක සිවිල් යුද්ධයකින් විනාශ වූ අතර එය 1983 දී ආරම්භ වී 2009 දී තීරණාත්මක ලෙස අවසන් වූයේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමත් සමඟ ය.

ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය ජනරජයක් වේ.

11)ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, ජී77, සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ.

12)කුරුඳු, තේ, කෝපි, රබර් සහ පොල් නිෂ්පාදනය සහ අපනයනය සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව ප්‍රගතිශීලී නවීන කාර්මික ආර්ථිකයක් දරයි. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර මානව සංවර්ධන දර්ශකයේ 72 වැනි ස්ථානයට පත්ව ඇත.

13)එය සංවර්ධනය අතින් ඉහළම ශ්‍රේණිගත දකුණු ආසියානු ජාතිය වන අතර දකුණු ආසියාවේ දෙවැනි ඉහළම ඒක පුද්ගල ආදායම ද ඔවුනට හිමිය; කෙසේ වෙතත්, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මුදල් ඒකකය කඩා වැටීම, උද්ධමනය ඉහළ යාම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් හේතුවෙන් දේශපාලන සහ මානුෂීය අර්බුදයක් ඇති වී තිබේ. එය වීදි විරෝධතා පුපුරා යාමට ද හේතු වී ඇති අතර, ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් විය යුතු බවට පුරවැසියන් බලකිරීම හේතුවෙන් හිටපු ජනපති ගෝටාභය රාජපක්ෂ ජනාධිපති දුරයෙන් ද ඉවත් විය.

වෙනත් නම්

1)වෙනත් නම්විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ඉන්දියාවේ කඳුළු බිඳුව යන නමින්ද, අතීතයේ දී අපරදිග විදේශිකයන් විසින් නිල වශයෙන් හෙලංකා, ලංකා, සිංහලේ යනුවෙන්ද, අරාබිවරුන් සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් ද, සිව් හෙළය,හෙළය, තම්බපන්නි, සීලදීප, රත්නදීප, හා පෙරදිග ධාන්‍යාගාරය ආදී අන්වර්ථ නාමවලින් ද සහ විරුදාවලිවලින් ද හදුන්වයි.

2)දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.

3)එහි යටත් විජිත කාලය තුළ, දිවයිනට සිලෝන් යන නම ලැබුණි, එය පසුව යටත් විජිත කාලය අවසන් වන තුරුම දිගටම භාවිතා විය. සිලෝන් නමින් වර්තමානයේ හැඳින්වූයේ නැතත් වර්තමානයේ විවිධ දේශීය ව්‍යාපාර සඳහා සිලෝන් යන නාමය භාවිත කිරීම සුලභ දෙයකි. "ඉන්දියාවේ කඳුළු බිඳුව" ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට ශ්‍රී ලංකාවේ විශේෂ හැඩය සහ ඉන්දියාවට සමීප වීම හේතු විය.

ඉතිහාසය

  • ප්‍රාග් ඓතිහාසික යුගය

ශ්‍රී ලංකාවේ හෝමෝ ඉරෙක්ටස් මිනිසුන් BP 300,000 - 500,000 තරම් ඈතක සිට ඇති බවට සාක්ෂි ඇත.


  • ගල් යුගය

ගල් යුගය ආසන්න වශයෙන් වසර 125,000 කට පෙර සිට ක්‍රි.පූ. 1800 දක්වා පැවතිණි.

පැලියොලිතික් යුගය

ඉරණමඩු හි සොයාගැනීම්වලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ BP 300,000 තරම් ඈත අතීතයේ පැලියොලිතික් මිනිසුන් සිටි බවයි. ශ්‍රී ලංකා භූමියේ පැලියොලිතික් යුගයට අයත් ප්‍රධාන ප්‍රදේශ 8 ක පදිංචිකරුවන් සොයා ගත හැකි විය.


  1. පහතරට වියළි කලාපය
  2. පහතරට අර්ධ ශුෂ්ක කලාපය
  3. පහතරට වියළි කලාපය
  4. පහතරට අතරමැදි වියළි කලාපය
  5. කඳුකර වියළි අතරමැදි කලාපය
  6. පහතරට අතරමැදි තෙත් කලාපය
  7. තෙත් කඳු කලාපය
  8. තෙත් උස්බිම් කලාපය

ආණ්ඩුව

ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.

අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. එහි වාණිජ අග නගරය වන්නේ කොළඹ නගරයයි.

වර්ග ප්‍රමාණය

  • ප්‍රධාන (ලංකා)දූපත 65 525 sq km
  • අභ්‍යන්තර සමුද්‍ර ජල ප්‍රදේශය 1 570 sq km
  • ඓතිහාසික මුහුද 12 060 sq km
  • රාෂ්ට්‍රීය මුහුද 18 060sq km
  • යාබද මුහුද 17 000 sq km
  • පරම ආර්ථික කලාපය 437 400 sq km
  • සමස්ථ වර්ගඵලය 554 200 sq km

ශ්‍රී ලංකාවේ ජාතික සංකේත

ජාතික පක්ෂියා

ශ්‍රී ලංකා වලිකුකුලා

ජාතික සත්ත්වයා

ශ්‍රී ලංකා දඩුලේනා

ජාතික වෘක්ෂය

නා ගස

ජාතික පුෂ්පය

මානෙල් මල

ජාතික මාණික්‍යය

නිල් මැණික

Thank you

made by maduka thejan